Friday, December 6, 2013

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී.. බිතු සිතුවම් මෙන් පිටු නොපා විතී.....

2013-12-06 දිනය මොන්නෑකුලම මහා විද්‍යාලයීය සිසු දැරු දැරියන්ට විශේෂ දිනයක් වූයේ වර්ෂාවසාන නිවාඩුව නිසාම පමණක් නොවේ. ඒ ඔවුන් වෙත තෑගි බෝග රැගෙන පැමිණි තවත් අමුත්තෙකු නිසාවෙනි. නමින් ඩී.එම්. මහේෂ් රණතුංග නම් වූ ඔහු දරු දැරියන්ට අමුත්තෙකු වූවද මොන්නෑකුලම විදු පියසට නම් අමුත්තෙකු නොවූයේ පුරා වසර අටක් මොන්නෑකුලම විදු පියසේ අකුරු කර ගුරු පියෙකු ලෙස තවත් බොහෝ කාලයක් දරු දැරියන් සිය ගණනකගේ නැණස පෑදූ නිසාවෙනි.


අද දින ඔහු මොන්නෑකුලම විදු පියසට සිය දරු දෙදෙනා සමග පියනැගුවේ සිය ආදරණීය පාසැල් මෑණියන්ගේ  පියසේ දැනුම ,ගුණ නුවන සිප් හදාරණ ආදරණීය දූ පුතුන් පිරිසකට ඉතා වටිනා තිළිණයන් ප්‍රදානය කිරීම වෙනුවෙන් වූ අතර සිසු සිසුවියන් 15 දෙනෙකු විෂයෙහි ඉතා වටිනා පොත්පත් කට්ටල 15ක් ප්‍රදානය කරනු ලැබිණි.


විදුහල්පතිතුමන් අතින් තිළිණ ලබමින්...


එදා ගුරු පියෙකු ලෙස දරු දැරියන් රැසකගේ දෑස පෑදූ ඩී.එම්. මහේෂ් රණතුංග මහතා අද ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්ත තරණය කරමින් සිටිනා අති දක්ෂ ව්‍යාපාරිකයෙකි.

තිළිණ ලැබූ සිසු දරු දැරියෝ...

No comments:

Post a Comment