Wednesday, November 6, 2013

භාෂා භාවිතය හා ලාංකීය ගීත කලාව - රසවින්දනාත්මක වැඩසටහන- 2013-11-05

වර්තමාන ලාංකීය ගීතයේ භාෂා භාවිතය හා ගීතය පිළිබඳ විශේෂ රසවින්දනාත්මක වැඩසටහනක රසය විඳීමට මොන්නෑකුලම මහා විද්‍යාලයීය සිසු දරු දැරියන්ට පසුගිය නොවැම්බර් පස්වන දින අවස්ථාව හිමිවිය. මොන්නෑකුලම මහා විද්‍යාලයීය ආදී ශිෂ්‍යයකු මෙන්ම කීර්තිමත් ශිෂ්‍යෙයකු වු ශ්‍රීනාත් සම්පත් සහෘදයා විසින් මෙම වටිනා අවස්ථාව මොන්නෑකුලම මහා විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයට හා සිසු දරු දැරියන්ට ලබාදෙනු ලැබීය.


වර්තමානයේ ගීතයේ අර්ථය හුදෙක් වෙළඳපළ අභිමුඛ වූවක් මෙන්ම මානව සිතුම් පැතුම් ඉක්මවා ගිය වෙළඳ භාණ්ඩයක් බවට පත්වී ඇති ආකාරය මෙහිදී ගීත උදාහරණ සහිතවම සිසු දරු දැරියන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීම විශේෂ කරුණකි. 

දැනට වයඹ හඬ ගුවන්විදුලියහි සේවය කරනු ලබන  ශ්‍රීනාත් සම්පත් සහෘදයා මොන්නෑකුලම මහා විද්‍යාලයෙන් බිහිවූ හා විද්‍යාලය වෙනුවෙන් සිය කැපවීම මේ දක්වා ඉටුකරන්නාවූ ආදි ශිෂයෙකු වීම පාසැලට ආඩම්බරයකි. 
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළු සිසුන් මේ සදහා සහභාගී වූ අතර පෙරවරු 8.30 සිට 11.30 දක්වා පැය තුනක කාලයක් මෙම රසවින්දනාත්මක වැඩසටහන පැවති අතර මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දරු දැරියන් වෙනුවෙන් විද්‍යාල්‍යීය සිංහල සාහිත්‍ය සංගමය විසින් වැඩසටහන මෙහෙයවන ලදි.

No comments:

Post a Comment