Events

මොන්නෑකුලම මහා විද්‍යාලය...සියක් සත් වසක අභිමානය සමග....
2013 පොසොන් පොහොය සමගාමී කොල කැඳ දානමය පුන්‍යකර්මය.

මෙවර පොසොන් පොහොයට සමගාමීව මොන්නෑකුලම මහා විද්‍යාලය මගින් තවත් සුවිශේෂි පුන්‍යකර්මයකට දායකත්වය දක්වනු ලැබිණි.  මෙහිදී නිකවැරටිය මහ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමිණෙන සුවිශාල රෝගීන් පිරිසක්ද රෝහලේ සියළු නේවාසික රෝගීන් ද ඇතුළුව 750 ට අධික පිරිසක් වෙනුවෙන් ජූලි මස නවවැනි දින  මෙම මහඟු පුන්‍යකර්මය සිදුකරනු ලැබීය. විදුහල්පතිතුමා ඇතුලු ආචාර්යමණ්ඩලය, පාසැල් සංවර්ධන සමිතියේ දෙමාපියන් සහ සිසු දරු දැරියන්ගේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන සාර්ථකව සිදුකරනු ලැබිණි. 
එමෙන්ම විද්‍යාලයේ බෞද්ධ අනු කමිටුවේ එච්.එම්.ටිකිරිමැණිකේ ගුරු මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ මෙන්ම සම්බන්ධීකරණය මත වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරනු ලැබීය.









2600 වන සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් ලේ දන්දීමේ ව්‍යාපාරය 
2012-06-11
මතක සටහන්


ලෝක ළමා දින සැමරුම 2012-10-01
මතක සටහන්








No comments:

Post a Comment