News



වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2012 වර්ෂයේ පාසැල් ඇගයීමේ හා සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවය පසුගියදා උත්සවාකාරයෙන් සිදුකරනු ලැබීය. අධ්‍යාපන කොට්ඨාශ මට්ටමින් පැවති ඇගයීමේදී නිකවැරටිය මොන්නෑකුලම මහා විද්‍යාලය කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයේ හොඳම පාසැලට හිමි රිදී සම්මානය දිනාගන්නා ලදි. එසේම කොට්ඨාශයේ හොඳම විදුහල්පතිවරයා ලෙස මොන්නෑකුලම මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ජේ.එම්.ටී.බී. ජයසුන්දර මහතා සම්මානයට පාත්‍ර විය.


අධ්‍යාපන කොට්ඨාශ මට්ටමින් පැවති ඇගයීමේදී  කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයේ හොඳම විද්‍යා ගුරුවරයාට හිමි ගුරුලුගෝමී සම්මානය නිකවැරටිය මොන්නෑකුලම මහා විද්‍යාලයේ ආර්.එම්.නිලන්ත සංජීව මඩවල මහතා විසින් දිනාගන්නා ලදි. 


ආර්.එම්.නිලන්ත සංජීව මඩවල මහතා වයඹ ප්‍රධාන අමාත්‍ය ගරු අතුල විජේසිංහ මැතිතුමා අතින් සම්මානයට පාත්‍ර වූ අයුරු.

No comments:

Post a Comment