Thursday, October 10, 2013

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හපනුන් - 2013 (Grade 5 Scholarship 2013)

2013 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ලකුණු මට්ටම පසු කරමින් 161 ක  ළකුණු ප්‍රමාණයක් ලබා සමත් වීමට නික/මොන්නෑකුලම මහා විද්‍යාලයේ එච්.පී.ඩී. කවිදු නිමේෂ්ක දුලාන් ශිෂ්‍යයා සමත් විය. මොන්නෑකුලම මුඩත්තව නම් වු අති දුෂ්කර ගම්පියසක සිට නික/මොන්නෑකුලම මහා විද්‍යාලයට පැමිණෙන කවිදු නිමේෂ්ක දරුවා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වන අතර බොහෝ දුෂ්කරතා මැද මෙම ජයග්‍රහණය හිමිකරගැනීම පැසසුමට ලක්විය යුතුය.

මොන්නෑකුලම මුඩත්තව පදිංචි එච්.පී.ඩී. ගාමිණී චන්ද්‍රෙස්න මහතාගේ සහ ආර්.පී. නන්දනී රාජපක්ෂ මහත්මිය යන දෙපළගේ ආදරණීය දරුවකු වන කවිදු නිමේෂ්ක සිසුවා කුඩාකල සිටම අධ්‍යාපනයේ සහජ දක්ෂතාවයන් පෙන්නුම් කළ හපනෙකි. 80% වඩා ළකුණු ප්‍රතිශතයකින් සමත්වීම තුල ඔහුගේ දක්ෂතාවය පෙන්වාදී තිබේ.
පාඩම් කිරීමත් ඒවා අවබෝධ කර ගැනීමත් සමත්වීමේ රහස බව කවිදු නිමේෂ්ක දුලාන් ශිෂ්‍යයාගේ වචනයෙන්ම ප්‍රකාශවීම සියළු දරු දැරියන්ටම ආදර්ශයකි.
නික/මොන්නෑකුලම මහා විද්‍යාලයේ 2013 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 18 දෙනෙකු මුහුණදුන් අතර ඉන් 16 දෙනෙකුම ළකුණු 100 පරිසාධන මට්ටම ඉක්මවූ අතර සිසුන් සිව් දෙනෙකු ළකුණු 140 මට්ටම ද සිසුන් දෙදෙනෙකු ළකුණු 150,155 මට්ටමටද ළගාවීම තුළ ඔවුන්ගේ දක්ෂතාවයන් මනාව පිළිබිඹු වේ.

1 comment: