Sunday, October 6, 2013

ලෝක ගුරු දින සැමරුම 2013- 10- 06

මොන්නෑකුලමේ විදු මව් තුරුලේ.. 
වැජබෙන නෙක කිරුළන් අතරේ.. 
සැනහෙන සිසු දරුවන් නැණ පෑදූ.. 
සපැමිණි ඇදුරන් පිළිගමු බැතියෙන්. 
ධර්ම දීපයේ ශල්පය දන් දෙන... 
අමිත අනත විරියෙන් නැණ පුබුදන... 
ගුරු මව්වරුනි ගුරු පියවරුනි... 
ඳිමු දෙපා යුග අතුරා මිහිමත. 
මිනිසත්කම් ලද නොමිනිස්කම් කර... 
ඳුරින් අඳුරට යා දෙන මනුසත.. 
එළිය දකින්නට මංපෙත් පාදා... 
ඔබ සැම වඳිනෙමු දිගුසිරි ලැබුමට........!
ලෝක ගුරු දින සැමරුමට සමගාමීව මොන්නෑකුලම මහා විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරන ලද ගුරු උපහාර උළෙල 2013-10-07 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුනි. මල් කළඹක් පිළිගන්වා ඇතුල්වීමේ දොරටුවේ දි ආදරණීය ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් පිළිගනු ලැබූ අතර ප්‍රධාන ශාලාව අසලදී බුලත් හුරුළු දී සිසුන් විසින් පිළිගන්නා ලදි. 




 





ගුරු දිනයේ මල් පහන් පුදමින්...




බුලත් හුරුළු දි පිළිගනිමින්......






විදුහල්පතිතුමා ඇතුළු ආචාර්යමණ්ඩලය පිළිගැනීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ප්‍රධාන ශාලාවේ අසුන්ගැන්වූ අතර පිළිගැණීමේ ගීතයකින් ඔවුන් සැම නැවත වරක් පිළිගනු ලැබීය.  


13 ශ්‍රේණියේ ඒච්.එම්. චතුරිකා උදේශිනී ශිෂ්‍යාව විසින් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්යමණ්ඩලය පිළිගනිමින් පිළිගැනීමේ කතාව ඉදිරිපත්කළ අතර ගුරු දිනයේ වැදගත්කම පිළිබදව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත්කරන ලදි. ආචාර්යමණ්ඩලය නියෝජනය කරමින් විදුහල්පතිතුමා සහ ආර්.එම්. ගැමුණු එරන්ද මහතාද උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලදි. 


ඉන් අනතුරුව විදුහල්පතිතුමා සහ ආචාර්යමණ්ඩලය වෙනුවෙන් ලෝක ගුරු දින සමරු තිළිණයක් පිළගැන්වූ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් එළි දක්වමින් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කෙරිනි.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අතින් ලෝක ගුරු දින සමරු තිළිණ ලබමින්







3 comments:

  1. ගුරුතුමා
    නියම වැඩක් කරහම දැනෙන්නෙ නියම සතුටක් නේද?
    හොදයි හොදයි
    මොනව උනත් ඉන්නකන් විතරයිනේ........

    ReplyDelete
  2. මම දැනුයි දැක්කෙ.මෙතන පෙරහැරේ යන අය විතරනෙ ඉන්නෙ.කොට අදින අය නෑනෙ.

    ReplyDelete
  3. කොහොමත් දැන ඉතින් කොට අදින අය කොහොමත් නෑනේ නේ ද ?

    ReplyDelete