Monday, September 30, 2013

ලෝක ළමා දින සැමරුම - 2013- 10 -01

2013 වර්ෂයේ ලෝක ළමා දින සැමරුම් උත්සවය 2013-10-01 දින නික/මොන්නෑකුලම මහා විද්‍යාලයිය ප්‍රධාන ශාලාවේදී උත්වශ්‍රීයෙන් පවත්වනු ලබීය.විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්යමණ්ඩලය විසින් උදෑසනම සියළු දරු දැරියන් සාදරයෙන් පිළගනු ලැබූ අතර විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව සමග ප්‍රාථමික අංශයේ දරුවකු විසින් ජාතික කොඩිය,බෞද්ධ කොඩිය හා පාසැල් කොඩිය ඔසවමින් උත්සව සභාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබිනි.




උත්සවයේ ප්‍රධාන දේශනය සඳහා ආරාධනා ලැබූ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂක නිළධාරී ආනන්ද කුමාර මහතා සහ ආචාර්යමණ්ඩලය, දරු දැරියන් පිළිගනිමින් විදුහල්පතිතුමා විසින් පිළිගැනිමේ කතාව සිදුකරනු ලැබූ අතර උත්සවයේ ප්‍රධාන දේශක කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂක නිළධාරී ආනන්ද කුමාර මහතා දරු දැරියන් විෂයෙහි හරවත් දේශනයක් ඉදිරිපත්කරනු ලැබීය. 
සිසු දරු දැරියන්ගේ විශේෂාංග කිහිපයකින් අනතුරුව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය විසින් 2013 ලෝක ළමා දිනයේ අරමුණ සහ වැදගත්කම පිළිබඳව උත්සව සභාව දැනුවත් කරන ලදි.
පාසැලේ සියළු සිසු දරු දැරියන් වෙනුවෙන් තිළිණ ප්‍රධානයක් වැඩසටහන අවසානයේදී සිදුවූ අතර විශේෂ සංග්‍රහයක් ද සිදුකෙරිණි. ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන් වෙනුවෙන් විශේෂ කෙටි චිත්‍රපට දර්ශනයක් පැවැත්වූ අතර දරු දැරියන්ගේ නාට්‍ය හා නැටුම් ඇතුළු ඉදිරිපත්කිරීම් කිහිපයක් ඉදිරිපත්කරනු ලැබිනි.

No comments:

Post a Comment