Friday, August 2, 2013

ගුරු මවකගේ පැතුම...............

2013 ජූලි මස 30 වෙනි දින පැවති නික්මන 2013 උත්සවයේ දී මොන්නෑකුලම මහා විද්‍යාලයට සෙවනක් වූ නාට්‍ය හා රංග කලා විෂය භාරව කටයුතු කළ මංගලිකා හේරත් ගුරු මහත්මිය විසින් මොන්නෑකුලම සිසු දරු දැරියන් වෙත ලබා දුන් ත්‍යාගයයි.







මොන්නෑකුලමේ දුවට පුතාට.......................

නොහැකි වුවත් නුඔ තරම් 
කවි ලියන්නට
හිතට නැගුණු සිතිවිලි
මෙසේ ලියවුනා 
නුඔ වෙනුවෙන්.......

රාජකාරි ජීවිතේ
නවවෙනි නවාතැන
මොන්නෑකුලම විය මගේ......

ආදරණිය දුවේ පුතේ
පුභ උදෑසනක්.....!
දක්ෂතා කුසලතා හැකියාව
මා හඞ අවදි කළේ 
නුඔ නිසයි.....

පෙළ පොතේ චමත්කාරය
බලන්න කියවන්න
සුරක්ෂිත කරයි
ඔබේ අනාගතය
ගහ කොළේ සුළගේ 
පියාඹන කුරුල්ලන්ගේ
චමත්කාරය අත් විදින්න
රස විදින්න
සංවේදී සාධාරණ මිනිසෙක් වේය නුඔ......

ප්‍රථමිකයේ පොඩි උන්ට
ආදරේ කලා මම
හරිම සුරතල් නිසා උන්
කණිෂඨයේ මද්දුමීට
මෘදු උනා මං
යෞවනයට පා තබන 
ජව වැඩි නිසා උන්
ජ්‍යේෂ්ඨයේ ලොක්කලාට ලොක්කිලාට
ධෛර්ය සදහා 
නොයිවසිලිමත් වන්න
ලං කරන් කියා දුන්නා
තේරුම් ගත හැකි නිසා උන්ට........

සැලසුම් සහගත වන්න
කරන දේ ඵල ලබයි
අධිෂ්ඨානය හිතට ගන්න
කල දේ ජය ලබයි........

විටෙක මං 
ආඥාදායකයකු වුනා නුඹට
නුඹ අකීකරු නිසා
තවත් නිමේෂයක
සෙනෙහෙබර උනා මං නුඹට
නුඹ කීකරු නිසා..........

නැවත උදා හමුවක
හමු වෙන්නේ නෑ මං
ඒත් අමතක නැහැ නුඹ මෙමට
හදවතේ සොදුරු ලෙස 
නවාතැන් ගෙන
නුඹ සැම දෙනම.......

අමතක නොවේ මට දුවේ පුතේ
නුඹ සමග ගතකළ
මොන්නෑකුලම ගුරු ගෙදර........

නුඹේ දස්කම් විස්කම් කුසලතා
හැමදාම උදෑසන දකින
පියකරු සිනහව
බුදු සරණයි.....
තෙරුවන් සරණයි........
දෙපා නැමදූ නුඹට
හිස අතගෑ අයුරු මං
නුඹ වෙනුවෙන් යමක් කල නිසා
බිදුවක් තරම් හෝ 
සතුටක් ඇතිවේ 
සිහිවන හැම විටම......
ඉතින් සමුදෙන්න මට
ආදරණීය මවක් ලෙසට..........

No comments:

Post a Comment