Tuesday, July 30, 2013

නික්මන 2013.......

මොන්නෑකුලම මහා විද්‍යාලය... සියක් සත් වසක අභිමානය සමග...!
වසර කිහිපයක් පුරාවට මොන්නෑකුලම මහා විද්‍යාලයට සෙවන සැපයූ හා සිය ගණනක් දරු දැරියන්ගේ නැණස පෑදූ  ආදරණීය ආචාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් තිදෙනෙකුගේ නික්ම යෑමේ හා සමුගැණීමේ උත්සවය 2013-07-30 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
නිකවරටිය අධ්‍යාපන කලාපයට හා මොන්නෑකුලම මහා විද්‍යාලයට ආඩම්බරයක් හා ගෞරවයක් ගෙනා විද්‍යා විෂය භාර ආවාර්ය නිලන්ත සංජීව මඩවල මහතා, වසර 26 ක් පුරාවට දරු දැරියන්ගේ නැණස පෑදූ ඉංග්‍රීසි විෂය භාරව කටයුතු කළ රත්නමාලී දිසානායක ගුරු මහත්මිය ( විශ්‍රාම ගැණීම ) මොන්නෑකුලම මහා විද්‍යාලයට සෙවනක් වූ නාට්‍ය හා රංග කලා විෂය භාරව කටයුතු කළ මංගලිකා හේරත් ගුරු මහත්මිය යන තිදෙනා මෙසේ මොන්නෑකුලම මහා විද්‍යාලයෙන් නික්මයෑම  අද දින සනිටුවහන් විය.
මොන්නෑකුලම මහා විද්‍යාලයේ කාර්යමණ්ඩල සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සමුගැණීමේ උත්සවය සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පෙරවරු 11.00 පමන ආරම්භවූ අතර විදුහල්පතිතුමන් විසින් පිළිගැණීමේ කතාව ද සිසු දරු දැරියන් වෙනුවෙන් 10 ශ්‍රේණිය නියෝජනය කරමින් මාධව ශිෂ්‍යාද 13 ශ්‍රේණිය නියෝජනය කරමින් ප්‍රධාන ශිෂ්‍ය නායිකා චතුරිකා උදේශිනී ශිෂ්‍යාවද නික්ම යන ගුරු මව් පිය තිදෙනා වෙනුවෙන් ආචාරය පුදකරනු ලැබීය.
තමන් මොන්නෑකුලම මහා විද්‍යාලය තුල ලද අත්දැකිම් සම්භාරයත් සේවයේ අගය කිරීමත් සම්බන්දයෙන් නික්මයන තිදෙන විසින් මොන්නෑකුලම දරු දැරියන් ට හා විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්යමණ්ඩලයට ස්තූතිය ප්‍රකාශ කල අතර නියෝජ්‍ය විදුහල්පතිනී නෙළුම්පත්විල මහත්මිය විසින් ආචාර්යමණ්ඩලය වෙනුවෙන් විශේෂ සැමරුම් සිහිගන්වන ලදි.
උත්සව සභාව අවසානයේ සියළු දරු දැරියන් වෙත සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර නික්මයන අචාර්යමණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිස සුභසාධක සංගමයේ දිවා භෝජනය සදහා සහභාගී වූහ. දිවා භෝජනයෙන් අනතුරුව සමරු සිහිවටන පිළිගැන්වීම සිදුවූ අතර අවසානයේ දී අලංකාර ගීත ගායනා කිහිපයක් රස විදීමේ අවස්ථාව සියළුදෙනාට හිමිවිය.

No comments:

Post a Comment