Saturday, July 13, 2013

ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීම 2013/14 (Prefects' Day 2013/2014)

මොන්නෑකුලම මහා විද්‍යාලය... සියක් සත් වසක අභිමානය සමග...!
නික/මොන්නෑකුලම මහා විද්‍යාලයීය 2013/14 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීම පසුගිය ජූලි දොලොස්වැනි දින උත්සවාකාරයෙන් සිදුකරනු ලැබීය. මෙවර ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීම සිසු නායක නායිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ටද උපහාරයක් වශයෙන් පැවැත්වීමට විදුහල්පතිතුමන් ඇතුළු ශිෂ්‍ය නායක කමිටුව කටයුතු සංවිධානයකර තිබුනි.
මෙවර ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් කොටවෙහෙර පොලිස් ස්ථානාධිපතිතුමන් ද නිකවැරටිය අධ්‍යාපන කලාප කාර්යාලය නියෝජනය කරමින් ප්‍රාථමික විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ද නික/මොන්නෑකුලම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ද සහභාගී වූහ.
ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ පෙරදිග තූර්යවාදක කණ්ඩායම විසින් ප්‍රධාන ආරාධිත අමුත්තන්  හා නවක ශිෂ්‍ය නායක නායිකාවන් පිළිගන්නා ලදි.



ජාතික ධජය,වයඹ පළාත් ධජය හා නික/මොන්නෑකුලම මහා විද්‍යාලයීය ධජය එසවීයෙන් අනතුරුව ආරාධිත අමුත්තන් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර මොන්නෑකලම රජමහ විහාරවාසී ස්වාමින්වහන්සේ විසින් පිරිස පංචශීලයෙහි පිහිටවනු ලැබූහ. අනතුරුව උන්වහන්සේ විසින්ම නවක සිසු නායක නායිකාවන්ට සෙත් ප්‍රර්ථනා කරමින් පිරිත් සඡ්ඣායනා කරනු ලැබූහ.



චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීම සියළුම ආරාධිත අමුත්තන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලැබූ අතර විදුහල්පතිතුමන් විසින් පිළිගැණීමේ හා අරමුණ පැහැදිලි කිරීම සිදුකරනු ලැබීය.

නිල ලාංඡන පැළඳවීම
Prefects List 2013/2014

අනු අංකය
නම
තනතුර
01
ඒ.එම්. ප්‍රසන්න සම්පත් බණ්ඩාර
ප්‍රධාන ශිෂ්‍ය නායක
02
එච්.එම්. සම්පත් සංජීව
උප ප්‍රධාන ශිෂ්‍ය නායක
03
එච්.එම්. චතුරිකා උදේශනී හේරත්
ප්‍රධාන ශිෂ්‍ය නායිකා
04
කේ.බී. හර්ෂනී ලක්ෂාණී
උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා
05
ජේ.එච්.එම්. ශාලිය සකැළුම්
ශිෂ්‍ය නායක
06
ඒච්.එම්. තරිඳු සුදේශ් හේරත්
ශිෂ්‍ය නායක
07
එච්.එම්. මහේෂ් ප්‍රසන්න
ශිෂ්‍ය නායක
08
එම්.එච්. හසිඳු නෙළුම්දික ජයරත්න
ශිෂ්‍ය නායක
09
එම්.එම්. දිලීම් මල්ශාන්
ශිෂ්‍ය නායක
10
එම්.එම්. දිනුක ගයාන්
ශිෂ්‍ය නායක
11
කේ.බී. සුබෝධිනී පුෂ්පකුමාරි
ශිෂ්‍ය නායිකා
12
එම්.එම්. මිහිරි නිසංසලා
ශිෂ්‍ය නායිකා
13
ඒච්.එම්. කාංචනා ලක්මාලි හේරත්
ශිෂ්‍ය නායිකා
14
ඒච්.පී.ඩී. නෙළුම් තක්ෂිලා
ශිෂ්‍ය නායිකා
15
ඒච්.එම්. උමායා මධුවන්ති
ශිෂ්‍ය නායිකා
16
එම්.එම්. තිළිණි මධූෂිකා
ශිෂ්‍ය නායිකා

ඒ.එම්. ප්‍රසන්න සම්පත් බණ්ඩාර - ප්‍රධාන ශිෂ්‍ය නායක


එච්.එම්. සම්පත් සංජීව - උප ප්‍රධාන ශිෂ්‍ය නායක


එච්.එම්. චතුරිකා උදේශනී හේරත් - ප්‍රධාන ශිෂ්‍ය නායිකා




ඒ.එම්. ප්‍රසන්න සම්පත් බණ්ඩාර

එච්.එම්. සම්පත් සංජීව


No comments:

Post a Comment