දසත ඇසුනු වෙඩි හඞින් සෙනසුරාදා රාත්‍රී මොන්නෑකුලම ප්‍රදේශය ගිගුම් දුන් අතර වන අලින්ගේ පැමිණීම එමගින් සනිටුවහන් විය. පලා පැහැයෙන් පිරී තිබූ මොන්නෑකුලම මහා විද්‍යාලයේ කෘෂිකර්ම ක්ෂේත්රය වන අලින්ගේ භෝජනයක් වෙතැයි කිසිවෙකුද නොසිතන්නට ඇත. වෙඩි හඞින් බියපත්වූ වන අලි රෑන එක පිම්මේ විදු පියසට පැන්නේ මැයි මස අළුතෙන්ම සකස්කරන ලද කටු කම්බි වැට බිද දමමිනි. මාස 6 ක් පමණ වයසැති හොදින් වැඩුනු මඤ්ෙඤාක්කා වගාවත් පූදින්නට ඔන්න මෙන්න කියා තිබූ කෙසෙල් යායත් කොල පැහැයෙන් දළු ලා වැඩුනු පෙල් පැල කිහිපයත් සැනෙකින් අතුරුදහන් වූයේ නොසිතූ ලෙසිනි. පසුදා එනම් සදුදා දින පාසැලට පැමිණෙනවිට දක්නට ලැබුනේ මහ පොළොවට සමතලාවූ වියලීගිය වගා බිමක් පමණී.
මේ පොළොවට සමතලාවූ වියලීගිය වගා බිමක් පමණක් නොව අහිංසක දරු දැරියන් පිරිසකගේ දහදිය මහන්සියත් ඔවුන්ව දිරිමත් කළ ගුරුවරුන්ගේ මහන්සියත් බව වන අලින් නොදන්නා බව නොරහසකි. නමුත් මෙම අත්දැකීම මොන්නෑකුලම මහා විද්‍යාලයට නවමු අත්දැකීමක් නොවන්නේ දිගින් දිගටම මෙම විනාශය දකිනා හෙයිනි.
මොන්නෑකුලම මහා විද්‍යාලය කලාපීය කෘෂිකර්ම ආදර්ශ ගොවිපළ වශයෙන් කාලාන්තරයක් පුරා ක්‍රියාකාරි ලෙස සංවර්ධනය වී තිබීමත් මෙහිදී පෙන්වාදිය යුතුය. මොන්නෑකුලම මහා විද්‍යාලයීය කෟෂිකර්ම විෂය භාර ඩබ්.පී. උදේනි වසන්ත කුමාර මහතා දැඩි කැපවීමකින් යුතුව නිතිපතා සිසු දරු දැරියන් සමග එකට එක්වී මෙම කටයුතු කරන ආකාරය දැකගත හැකිය. ග්‍රාමීය දරු දරියන් වශයෙන් දැඩි ආදරයකින් සිය වගාවන් දිවා කාලය තුල රැකගන්නා අතර දිනෙන් දින වැඩෙන ගාවන් දැක ඔවුන් අසීමිත තෘප්තියක් ලබති. මෙම වන අලි ප්රශ්නය සදහා මේ වනතුරුත් ස්ථීර පිළියම් නොමැතිකමින් පොදුවේ මොන්නෑකුලම විදුහලේ මෙන්ම ගම් වැසියන් සියල්ලෝද දැඩි අපහසුතාවයන්ට ලක්වී සිටිති.
ගසක්වත් ඉතිරි නොකළ මඤ්ෙඤාක්කා වගාව
අද හෙට පූදින්නට තිබූ කෙසෙල් ගස් වන අලින්ට ආහාර වී
අපතේ ගිය සිසු දරු දැරියන්ගේ මහන්සිය
No comments:
Post a Comment