Wednesday, May 22, 2013

ලේ,ඇස් හා පටක දන්දීමේ පුන්‍යකර්මය 2013

මොන්නෑකුලම මහා විද්‍යාලය මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ මහා පුන්‍යකර්මය 2013-05-22 දින ඉතා සාර්ථකව සිදුකරනු ලැබීය.වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරනු ලැබූ මෙම  මහා පුන්‍යකර්මය 2013-05-22 දින උදෑසන 9.30 පමණ සිට සවස 2.30 පමන වන තෙක් ඉතා සාර්ථකව පැවතුනි. විද්‍යාලයීය විදුහල්පතිතුමන්ගේ හා බෞද්ධ කමිටුවේත් ගුරු මණ්ඩලයේ සහ දෙමාපිය දූ දරුවන්ගේ හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන් හා සහයෝගයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය.

රුධිර දායකයින් ලියාපදිංචිය





කොටවෙහෙර පොලිසියේ ස්ථානාධිපතිතුමන්ගේ හා අනෙකුත් නිළධාරීන්ගේ සුවිශේෂී දායකත්වය මෙහි දී විශේෂයෙන් අගයකරනු ලබන අතර ඒ වෙනුවෙන් මොන්නෑකුලම මහා විද්‍යාලයීය විදුහල්පතිතුමන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය පිරිනමමු.


එසේම කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සුවිශේෂී දායකත්වය ද මෙහි දී විශේෂයෙන් අගයකරනු ලබන අතර ඒ වෙනුවෙන් මොන්නෑකුලම මහා විද්‍යාලයීය විදුහල්පතිතුමන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය පිරිනමමු.



No comments:

Post a Comment