Monday, May 6, 2013

සිඟිති බක්මහ උළෙල 2013

2013 වර්ෂයේ මොන්නෑකුලම මහා විද්‍යාලයේ සිඟිති බක්මහ උළෙල පසුගිය දා උත්සවාකාරයෙන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවත්වනු ලැබීය. නොනගතයේ පටන් සියළු නැකැත් චාරීත්‍ර ඒ ආකාරයෙන්ම පුංචි දරු දැරියන්ගේ දැකගැනීම විෂයෙහි සිදුකරනු ලැබිණි.

ලිප ගිනි මෙළවීම හා කිරි ඉතිරවීම


බුලත්හුරුළු දී දෙමාපියන් නමදින්නයි...අසිරි ලබන්නයි...


ගුරු මව්වරු නමදින්නේ....නව වසරේ අසිරි ලබන්නේ...


සුභ මොහොතින් මවගෙ අතින්  පුංචි පුතුට හබුන් කටක්...


වැඩ ඇල්ලීමේ නැකත... 


මේ නව වසරේ සියළු අපල දුරු වේවා...ජය වේවා.....හිස තෙල් ගෑමේ නැකත..


සිංහල හා දෙමළ අළුත් අවුරුදු චාරිත්‍ර අවසන්වූ පසුව අවුරුදු උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර ලිස්සන ගහ නැගීම, කණා මුට්ටිය බිදීම, කඹ ඇදීම, බාධක දිවීම, ටොපි ඇහිදීම, සමබර දිවීම ඇතුළු ක්‍රීඩා රැසක් පුංචි දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර දරු දැරියන් මහත් උද්යෝගයෙන් යුතුව තරගවලට සහභාගී වන අයුරු දක්නට හැකිවිය.
ලිස්සන ගහ නැගීම....








No comments:

Post a Comment