අඛණ්ඩ ගුරු සංවර්ධනය මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අරමුණ වෙත ලඟාවීම සඳහා වන දෙවන වෑයම පසුගිය දා මොන්නෑකුලම මහා විද්‍යාලයේ ගුරු මණ්ඩලය විසින් අත්දකිනු ලැබීය.
ඒ යටතේ නික/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලය වෙත විශේෂ නෑ ගමනක් මොන්නෑකුලමේ ආචාර්යමණ්ඩලය විසින් සිදු කරනු ලැබිනි. නිකවැරටිය අධ්‍යාපන කලාපයේ මිනුවන්ගැටේ ආසන්න පාසලක් වන නික/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලය වර්තමානයේ නමගිය ආදර්ශ පාසලකි.
වෙනසට වෙනසක් මගින් අධ්‍යාපනයේ අරමුණ ලෙහෙසියෙන් ලඟා කරගත හැකි බව දක්වමින් 2014 වර්ෂයේ දී 100% සාධන මට්ටමක් ලඟා කර ගැණීමට නික/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ දරු දැරියන් සමත්ව තිබීම විශේෂයෙන් අගය කල යුතුය.
එපමනක් ද නොව නිවෙස් පන්ති කාමර භාවිතා කරමින් සිය දරු දැරියනගේ අධ්‍යාපන පිපාසය නිවීමට උත්සහ දරන නිවසක් නැරඹීමටද මොන්නෑකුලම මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය අමතක නොකල අතර ඔවුන් වෙනුවෙන් ත්‍යාග ලබාදීමටද කටයුතු කර තිබුනි.
No comments:
Post a Comment