Saturday, September 20, 2014

ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැලඳවීමේ උත්සවය 2014

2014/2015 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැලඳවීමේ උත්සවය 2014/09/25 දින මොන්නෑකුලම මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්විනි.
කොටවෙහෙර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උප පොලිස් පරීක්ෂකතුමන්ද විශේෂ දේශකයෙකු වශයෙන් සහභාගී වූ අතර ආරාධිත අමුත්තන් සහ නවක ශිෂ්‍ය නායක නායිකාවන් පිළිගැණීමෙන් අනතුරුව ජාතික කොඩිය ඔසවා උත්සවය නිල වශයෙන් ආරම්භ කරනු ලැබීණි.
උත්සව ශාලාවේදී සියළුදෙනා පංචශීලයෙහි පිහිටුවා නවක ශිෂ්‍ය නායක නායිකාවන් විෂයෙහි පිරිත් සජ්ඣායනය සහ පිරිත් නූල් ගැටගසා ආශිර්වාද කිරීම විද්‍යාලයේ ආචාර්ය ගරුතර ස්වාමින්වහන්සේ විසින් සිදුකරනු ලැබූහ.
ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන් 6 ක් ඇතුලු ශිෂ්‍ය නායක නායිකාවන් 28 දෙනෙක් ප්‍රධාන ආරාධිත අමුත්තන් සහ විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්මණ්ඩලය විසින් දෙමාපිය අභිමුඛයේ අභිශේක ගන්වන ලදි.

අනු අංකය
නම
ශ්‍රේණිය

ශිෂ්‍ය නායක

01
එච්.එම්. මහේෂ් ප්‍රසන්න
12- වාණිජ
02
එම්.එම්. දිලීම් මල්ශාන්
10
03
එච්.එම්.චතුරංග ලක්ෂාන්
11
04
එස්. ඉරේෂ් උදාර සංකල්ප
11
05
එස්.පී. සරු දිස්මන්ත
10
06
ඒ. සංජය ද සිල්වා
9
07
එස්.පී. චමිත දිහාන් චතුරංග
9
08
බී.එම්. තරිු ලක්ෂාන් බස්නායක
9
09
එච්.එම්. එරන්ද සසිු බණ්ඩාර
9
10
ඩබ්ලිව්.එම්. රොෂාන් අසිත
8
11
ඩබ්ලිව්.ඒ. සහන් නෙත්සර ජයලත්
5
12
ජේ.එම්. කලිු බිම්සර ජයසුන්දර
4
13
ජේ.ඒ. ලෝහිත අකලංක නෙත්සර
3

ශිෂ්‍ය නායිකා

14
කේ.බී. හර්ෂනී ලක්ෂාණී
12- කලා
15
එම්.ජී. තිළිණි මල්ෂා
10
16
ඒච්.පී.ඩී. නෙළුම් තක්ෂිලා
12
17
ඒච්.එම්. කාංචනා ලක්මාලි හේරත්
12
18
එන්.පී.ජී. වරුණි බුද්ධිකා
11
19
එච්.ඒ. අයන්ති ඉෂාරා
11
20
කේ.පී . අයේෂා මධුවන්ති
10
21
එච්.එම්. තක්ෂිලා විජයන්ති
9
22
එච්.එම්. තාරුකා කෞෂල්‍යා
9
23
එච්.එම්. සදුනි හංසිකා
9
24
එම්.එම්. හිරුණි මල්ෂා
7
25
එච්.එම්. ෂෙහානි මදුශානි
6
26
එච්.එම්. ඉමාෂා හංසනී
5
27
එම්.එම්. මිනෝලී නිකේෂලා
4
28
ඒ.එම්. ඉෂාණි අනුරාධා අතපත්තු
3



ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස එච්.එම්. මහේෂ් ප්‍රසන්න ශිෂ්‍යයා කොටවෙහෙර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ අතින් නිල ලාංජන පැළදි අතර කේ.බී. හර්ෂනී ලක්ෂාණී සිසුවිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උප පොලිස් පරීක්ෂකතුමන් අතින් නිල ලාංජනය පැළදීය.



නායකත්වය පිළිබද විශේෂ දේශනයක් නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උප පොලිස් පරීක්ෂකතුමන් විසින් සිසු දරු දැරියන් වෙත සිදුකරනු ලැබූ අතර කොටවෙහෙර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් ද දරු දැරියන් විෂයෙහි ඔවදන් රැසක් ලබාදෙනු ලැබීය.

No comments:

Post a Comment