2013 මොන්නෑකුලම මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියේ ආචාර පෙළපාලියේ පුහුණූ කටයුතු අද දින ආරම්භවිය. නිවාස මට්ටමින් කණ්ඩායම් තුනක් විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගනිමින් පුහුණුවීම් කටයුතුවල යෙදෙනු දැකිය හැකිවිය. මොන්නෑකුලම මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශීෂ්‍යයෙකු වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතු ආර්.එම්.අමිත් චන්ද්‍රෙස්න මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදුවීම හා ඔහු පාසැල් නිල ඇදුමින් සැරසී පුහුණු කටයුතු සිදුකිරීමට පැමිණ සිටීමත් විදුහල්පතිතුමන්ගේ හා ආචාර්යමණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්විය.
2013 මාර්තු මස 01 දින මොන්නෑකුලම මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා තරඟය පැවැත්වීමට සියඵ කටයුතු මේ වන විට සංවිධානය වී අවසන් අතර තරඟාවලියේ සංවිධාන කටයුතු ඩබ්.එම්. මුතුමැණිකේ මහත්මියගේ මගපෙන්වීම යටතේ සිදුවෙමින් පවතියි.
මේ දක්වා පැවති තරඟවලදී හිරු නිවාසය ලකුණු 430 ද සඳු නිවාසය ලකුණු 422 ද තරු නිවාසය ලකුණු 396 ද ලබාගෙන ඇති අතර ඉතා තියුණු තරඟයක් කණ්ඩායම් තුන අතර දැකිය හැකිවෙතැයි බොහෝදෙනාගේ විශ්වාසයයි.

ආචාර පෙළපාලියේ පුහුණූ විශේෂ අවස්ථා
No comments:
Post a Comment