පන්හිඳක රඟ සර වරුණ
The very special art activity on behalf of national library day and national reading month was held on last November 21 at the Monnekulama Maha Vidyalaya. The meaning of the reading is not only reading books. The music, art, dance also the common methods of reading. Also it is too hard to describe and hard to understand. But we tried to achieve such target with the music, art, dancing activities.පන්හිඳක රඟ සර වරුණ කලා මහෝත්සවය ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පැවති කියවීමේ කඳවුරේ සුවිශේෂීම අංගයයි. බොහෝදෙනා සිතන්නේ කියවීම යනු පොත් පත් කියවීමයි. නමුත් සංගීතයක් රසවිඳීම, ඒම සංගීතයට අනුව නර්තනයක් නිර්මාණය කර ඉදිරිපත්කිරීම, එම සංගීතය ආශ්රයෙන් තෙළිතුඩකින් චිත්‍රයක් නිර්මාණය කිරීම, එම චිත්‍රය ආශ්රයෙන් සංගීත කණ්ඩයක් නිර්මාණය කිරීම ආදී බොහෝ ඉසව්වන් රැසක් ද ඒ හා සමගාමීව අත්දැකීමට හැකිවීම සුවිශේෂය. පන්හිඳක රඟ සර වරුණ කලා මහෝත්සවයවෙනුවෙන් නිකවැරටිය අධ්‍යපන කලාපයේ පාසල් රැසක දරු දැරියන්ගේ සහභාගීත්වය හා ඉදිරිපත්වීම ද ආචර්යමණ්ඩලයේ සහභාගීත්වයද මෙහිදී විශේෂයෙන්ම අගයකළ යුතුය. කියවීම වෙනුවෙන් නවමු අත්දැකීමක් වූ මෙම පන්හිඳක රඟ සර වරුණ කලා මහෝත්සවය මෑත කාලයේ පැවති සුවිශේෂීම වැඩසටහනක් වූ නිසාම සුවිශේෂී ඇගයීමකට ලක්විය. පන්හිඳක රඟ සර වරුණ කලා මහෝත්සවය සාර්ථක කරගැනීම සඳහා නිකවැරටිය අධ්‍යපන කලාප කාර්යාලයේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ හා කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයේ සිංහල විෂය පිළිබඳ ගුරු උපදේශකතුමන්ගේ සහභාගීත්වය සහ ධීවර ගීතය කෘතිය විචාරය මෙහිදී විශේෂයෙන් අගයකළ යුතුය.
සමාරම්භක මොහොත - සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම
Drawing event according to the music
Dancing with music
Meditation with music
Writing the story of music
සම්පත් දායකත්වය
No comments:
Post a Comment